අද කාලගුණ නිවේදනය - 03/13/2025

By Zara Mar 13, 2025 01:00 AM GMT
Report

අද (13) දින නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැක්වේ.

එසේම,ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.

එමෙන්ම, හෙට දිනයේදී දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සුළං ගිනිකොණ දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු වනු ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එළවලු මිල අඩු වෙයිද?

එළවලු මිල අඩු වෙයිද?

බිග්මැච් වලට පොලීසියෙන් දුන් අවවාදය

බිග්මැච් වලට පොලීසියෙන් දුන් අවවාදය

Gallery