ලෝක දියවැඩියා දිනය අදයි

Report

 ලෝක දියවැඩියා දිනය යනු දියවැඩියා රෝගය ගැන දැනුවත් කිරීම ගෝලීය වශයෙන් සිදුකරන දිනයක් වේ. එය යෙදී ඇත්තේ නොවැම්බර් මස 14 වන දාට වේ මෙම දිනය 1991 වර්ෂ‍යෙදී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ. ඒ ඉහල යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සලකා බැලීමෙනි තවද සෑම වසරකදීම ලෝක දියවැඩියා සංගමය මෙම දිනය නව තේමාවක් යටතේ සමරනු ලබයි. මෙම දිනය තුළ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට බලපාන ගැටළු ගැන අවධානයට යොමු කරනු ලබයි. මෙහිදී දියවැඩියාවෙන් පෙලෙන්නන් මුහුණපාන ගැටළු ගැනද අවධානය යොමු කරනු ලබයි. මෙම දිනය ඉන්සියුලින් සොයා ගැනීමට මුල් වූ ෆෙඩ්රික් බන්ටින්ග් ගේ උපන් දිනය සලකුණු කරයි. නමුත් මෙම සොයාගැනීමට චාර්ල්ස් බෙස්ට් ද දායක වී තිබේ. 2009 සිට 2013 දක්වා දියවැඩියා දිනයේ තේමාව වන්නේ දියවැඩියාව ගැන දැනුවත් කිරීම හා දියවැඩියාව වැළැක්වීම වේ.

දියවැඩියාව (Diabetes Mellitus) ලෙසින් හදුන්වන්නේ ශරීරයේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යන තත්ත්වයක් වේ.

එය වර්ග දෙකක් දැකගත හැකිය

1.දියවැඩියාව (Type 1 Diabetes) – මෙම තත්වය ළමා කාලයේදී හෝ යෞවන වයසේදී ඇතිවීමට ඉඩ ඇත. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශ කිරීම නිසා ඇතිවේ. මෙහිදී ශරීරයට ඉන්සියුලින් නිපදවීමට නොහැකි වේ ඒ වගේම ජීවිතය පවත්වාගැනීම සඳහා පිටතින් ඉන්සියුලින් ලබාදීම අවශ්‍ය වේ.

2. දියවැඩියාව (Type 2 Diabetes) – මෙය වැඩිහිටියන් අතර බොහෝ විට අපට දකින්නට පුළුවනි. මෙම තත්වය තුළදී ශරීරය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැත. එනම් ශරීර සෛල ඉන්සියුලින් සඳහා ප්‍රතිචාර දැක්වීම නැවත්වීමයි.

සමබල ආහාර රටාවක් නොගැනීම එයට හේතු වේ. ඒ වගේම නිශ්චල ජීවන රටාව මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වේඑ ප්‍රමාණවත් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයක් නැතිවිට රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යයි. ඒ වගේම කාලයත් සමග මෙම අධික සීනි ප්‍රමාණය ශරීරයේ සියුම් රුධිර නාලිකා සහ ස්නායු පද්ධතියට හානි කර භයානක සංකූලතා වලට මග කියාපායි ලංකාවේත් දියවැඩියා රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවේ දියවැඩියා තත්වය නිසාවෙන් හෘද රෝග සහ ආඝාතය වැනි තත්වයන් ඇතිවේ. – දියවැඩියාව ඇති පුද්ගලයන්ට හෘද රෝග ඇතිවීමේ අවදානම දෙගුණයක් බව සදහන් වේ තවද වකුගඩු අකර්මණ්‍ය වීම , අන්ධභාවය , ස්නායු හානි පාදවල ස්නායු හානි වීමෙන් තුවාල හඳුනාගැනීමට නොහැකි වන අතර, ආසාදන ඇති වී අවසානයේ පාද කපා ඉවත් කිරීමට පවා සිදුවන අවස්තා ඕනෑතරම් දැකගත හැකිය

ආහාර පුරුදු තුළින් දියවැඩියාව අඩු කරගත හැකිය.

සීනි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් ඇති ආහාර සීමා කළ යුතුය. ඒ වගේම තේ/කෝපි සඳහා සීනි භාවිතය කළ යුතුව තිබේ. තවද පැණි බීම, කෘත්‍රිම යුෂ, කේක්, බිස්කට් වැනි ආහාර පරිභෝජනය සම්පූර්ණයෙන්ම සීමා කළ යුතුව ඇත. තන්තුමය ආහාර වැඩියෙන් ආහාරයට ගැනීම කළ යුතුය. නිරෝගී මේද ආහාරයට ගැනීම කළ යුතුය.

ශාරීරික ක්‍රියාකාරකම් ලෙසින් දිනපතා ව්‍යායාම සිදු කිරීම ආදියත් ,නිශ්චලතාව අඩු කිරීම නියමිත බර කළමනාකරණය දියවැඩියා පාලනයට කළ යුතුය

ඔබටත් ඒ බව සැක ඇත්නම් පූර්ව පරීක්ෂාව සහ අධීක්ෂණය ක් කළ යුතුය.

ඔබට රෝගය වැළඳී ඇත්නම්, වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද ඖෂධ හෝ ඉන්සියුලින් නිවැරදිව භාවිතා කිරීම කළ යුතුය. තවද නිර්දේශිත ආහාර සැලැස්ම අනුගමනය කිරීම අනිවාර්‍යෙන් කළ යුත්තකි. ඒ වගේම නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සඳහා සහභාගී වීම අත්‍යාවශ්‍ය වේ.

ඔබ නිවැරදිව ජීවන රටාවකින් කල් ගෙවා මෙවැනි රෝගී තත්වයන් පාලනය කර සුවපත් ජීවිතයට මග සොයාගන්න.