පරිසරය වෙනුවෙන් එක්වෙමු – ලෝක පරිසර දිනය අදයි
ජගත් පරිසර දිනය අදට යෙදී ඇත .
1972 ජුනි 5 සිට 16 දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති මානව පරිසරය සුරැකීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණයකට අනුව සෑම වසරකම ජුනි 05 වැනි දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ .
ගෝලීයව පැන නගින පාරිසරික ගැටලු පිළිබඳ ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කරදීම පිණිස මෙම දිනය නම් කර තිබේ.
මෙවර ද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ජගත් පරිසර දින සැමරුම් "Urgent Climate Action" (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග) යන කාලීන හා අතිශය වැදගත් ගෝලීය තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
ජගත් පරිසර දිනය නිමිත්තෙන් “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව “දලුලන්න ඉඩදෙන්න” නමින් ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් රට පුරා ක්‍රියාවට නංවා ඇතැයි පරිසර අමාත්‍යාංශය සදහන් කරනු ලබයි
ඒ අනුව පරිසර දින වැඩසටහනේ ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව පරිසර අමාත්‍යය ධම්මික පටමැදි මහතා පැවසීය.