අද මෙන්න මේ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක්

Sri Lanka Weather
By Dharu Feb 27, 2025 01:18 AM GMT
Dharu

Dharu

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත්, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර (30-40) ක පමණ තරමක තද සුළං හැමීමේ හැකියාවක් ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?

එලොන් මස්ක්ටත් ඇරයුම් ලැබූ: ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම

එලොන් මස්ක්ටත් ඇරයුම් ලැබූ: ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම

ReeCha