ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..
ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.
ඒ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 299.35 ක් ලෙස සටහන් වෙයි.
ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට වීම විශේෂත්වයක් වේ.
මේ අතර, අද දින ඩොලරයේ මධ්‍ය අගය සටහන් වන්නේ රු. 295.62 ක් වශයෙනි.