වගා කරනවනම් මෙන්න මේ විදිහට Online ලියාපදිංචි වෙලා ඉන්න
ගොවිජන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පවසන්නේ 2025/26 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියපදිංචි විය යුතු බවයි.
ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරන ආකාරයට www.agrarian.lk සහ www.agrariandept.gov.lk වෙබ් අඩවි වලින් බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇති අතර බඩ ඉරිඟු වගා කරන සියළුම ගොවීන් එමගින් ලියාපදිංචි විය යුතු බවයි.
ඊට අනුව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ www.agrarian.lk වෙබ් පාදක පද්ධතිය වෙත පිවිස එහි මුල් පිටුවේ (Home Page) හි ඇති " බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම / "Maize Farmers Registration" යන සබැඳිය (Link) මගින් හෝ www.agrariandept.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මුල් පිටුවේ (Home Page) හි ඇති සබැඳිය (Link) මගින් විවෘත වන මාර්ගගත පෝරමය (Form) පුරවා ලියාපදිංචි විය යුතු බවයි.
