TNA මන්ත්රීවරු ජනපති හමුවෙයි - මෙන්න හේතුව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
අද(19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පවත්වා ඇත. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව පැවැති බව සඳහන්වේ.
මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ප්රදේශවල පැන නැගී ඇති අර්බුද පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කර තිබේ.
එහිදී පසුගිය දා ත්රිකුණාමලය ප්රදේශයේ ඇති වූ ගැටළු පිළිබඳව ජනාධිපතිගේ අවධානයට යොමුකළ මන්ත්රීවරු එය වැළැක්වීම සඳහා ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳවඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.