ටිචර් අම්මගෙනුත් පොලිසියට පැමිණිල්ලක් සම්පූර්ණ විස්තරය මෙන්න

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news Teacher Amma
By Mithu May 10, 2025 09:44 AM GMT
Mithu

Mithu

Report

ටීචර් අම්මා නොහොත් හයෙෂිකා ප්‍රනාන්දු නැමති ශිෂ්‍යත්ව පන්ති පවත්වන ගුරුවරියක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා. ඒ ඇය සමග කටයුතු කළ හෝ පුද්ගලයෙකුට ඇය විසින් පහර දීමක් සිදුකර ඇති බව පවසායි.මේ ආකාරයෙන් ඇය විසින් තරුණයකුගේ වෘෂණ කෝෂ වලට පහරදීම නිසා ඔහු මේ වන විටත් රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තමන් ගාවට එන්න කියන්න තරම් මේ ඇමති උද්දච්චද? - ජෝශප් ස්ටාලින්

තමන් ගාවට එන්න කියන්න තරම් මේ ඇමති උද්දච්චද? - ජෝශප් ස්ටාලින්

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී සැකකාර ගුරුවරියගේ ස්වාමි පුරුෂයා සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර මේ වන විට ටීචර් අම්මා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා කරනවා. පහර කෑමට ලක් වූ අදාල තරුණයා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විට මෙම සැකකාර ගුරුවරියද මෙම තරුණයා පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට සඳහන් වෙනවා.

ඇය එම පැමිණිල්ල තුළ සඳහන් කර ඇත්තේ ඇයගේ කාර්යාලය තුළ වැඩ කරන තරුණියකට මේ අදාළ පුද්ගලයා විසින් ලිංගික අඩත්තෙට්ටම් කිරීමට උත්සාහ කළ බවයි. අදාළ තරුණිය මවුසය මත අත තබාගෙන සිටින විට ඔහු ඇයගේ අත ස්පර්ශ කළා යැයි මෙම ගැටුම දුර දිග ගොස් තිබේ.නමුත් තරුණයා සඳහන් කරන පරිදි සැකකාර ගුරුවරියගේ මුහුණු පොතට මෙම තරුණයාගේ සහෝදරියක් දැමූ කමෙන්ට් එකක් දුර දිග යාමෙන් මෙම සිදුවීම සිදුවූ බවයි.

කෙසේ නමුත් ගුරුවරිය කරන ප්‍රකාශය සහ තරුණයා කරන ප්‍රකාශය පරස්පර විරෝධී ප්‍රකාශයන් දෙකක් නිසා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර තවමත් සැකකාර ගුරුවරිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

අද දින රන් මිලෙහි සිදුවූ විශාල වෙනස

අද දින රන් මිලෙහි සිදුවූ විශාල වෙනස

ReeCha