විදුලිය අපනයනය නොකර රට තුළම ඵලදායීව භාවිත කරන්න විදුලි දුම්රිය ව්‍යාපෘතිය සූදානම්

Report

යෝජිත විදුලි දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල විදුලි බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එය අනාගතයේදී ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි පාරිභෝගිකයන් අතරට එක්විය හැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන විශාල විදුලි බලශක්ති ප්‍රමාණය සැපයීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය සමඟ මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රට තුළ ඉදිරියේදී නිපදවීමට අපේක්ෂිත විශාල විදුලි බලශක්ති ප්‍රමාණයක් ඵලදායී ලෙස භාවිත කළ හැකි ප්‍රධාන ව්‍යාපෘති අතර යෝජිත විදුලි දුම්රිය ව්‍යාපෘතිය ද ඇතුළත් වන බව ඔහු පැවසීය.

විදුලි උත්පාදනය ඉහළ යාමත් සමඟ එම බලශක්තිය ඵලදායී ලෙස භාවිත කළ හැකි කර්මාන්ත සහ අනෙකුත් ව්‍යාපෘති රට තුළ සංවර්ධනය කිරීම අවශ්‍ය බවත්, එසේ නොවුවහොත් අතිරික්ත විදුලි බලශක්තිය අපනයනය කිරීමට සිදුවිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, යෝජිත විදුලි දුම්රිය ව්‍යාපෘතිය වැනි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අවශ්‍ය බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා පුනර්ජනනීය බලශක්ති විකල්ප කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය