හැමදේම LIVE පෙන්නන නිසා ටික් ටොක් LIVE තහනම් කරයි

By Mithu Aug 31, 2025 09:34 AM GMT
Report

මේ දිනවල ඉන්දුනීසියාවේ දැවැන්ත විරෝධතා මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතී.

පොලිසිය විසින් පුද්ගලයකු ඝාතනය කිරීම හේතුවෙන් මේ විරෝධතා මාලාව දිගින් දිගටම ක්‍රියාත්මක විය.

ඒ අනුව ඉන්දුනීසියාවේ විරෝධතා හේතුවෙන් ටික්ටොක් සමාජ මාධ්‍යය තුළ සජීවී විකාශයන් ඉදිරි දින කිහිපය සඳහා අත්හිටුවා තිබෙනවා. ඉන්දුනීසියාවේ විරෝධතා අතරතුර උත්සන්න වන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

එරට විරෝධතාවල මැද උත්සන්න වී ඇති ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගනිමින්, සිවිල් ආරක්ෂිත පියවරක් ලෙස TikTok සමාගම මෙම තීරණය ගත් බවයි ඔවුන් නිවේදනයකර ඇත්තේ.

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න

පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකු මිය යාමෙන් පසු ඉන්දුනීසියාවේ විරෝධතා ආරම්භ වූ අතර මේවනවිට ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් දක්වා විරෝධතා උත්සන්න වී තිබෙනවා. ප්‍රචණ්ඩකාරී තත්ත්වය හමුවේ මේවනවිට පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූවන්ද බොහෝ පිරිසක් සිටින බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

සුළු මොහොතකට පෙර වෙන්නප්පුවේ වෙඩි තැබීමක් - අයෙක් මරුට

සුළු මොහොතකට පෙර වෙන්නප්පුවේ වෙඩි තැබීමක් - අයෙක් මරුට