ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියා ටික්ටොක් තහනම් කරයි..

Report

ඇමෙරිකාවේ - මොන්ටානා ප්‍රාන්තයේ ටික්ටොක් යෙදවුම භාවිතා කිරීම තහනම් කර තිබෙනවා.

එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ, ලබන වසරේ ජනවාරි පළවනදා සිට අදාළ තහනම ක්‍රියාත්මක බවයි.

ටික්ටොක් යෙදවුම හරහා චීනය විවිධ තොරතුරු රැස් කරමින් පවතින හෙයින් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින් මෙම තහනම පනවා තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ යයි සිතා මීට පෙරත් ලෝකයේ රටවල් ගණනාවකම මෙම ටික්ටොක් තහනම සිදු කෙරුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now