තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
By Hashan
කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තුසිත හල්ලොලුව ජුනි 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (02) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.