අද සවස 2න් පසු කාලගුණයේ වෙනසක් - ජනතාවට දැනුම්දීමක් දුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Report

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

අද දින ලග්න පලාපල – 2026 සැප්තැම්බර් 04

අද දින ලග්න පලාපල – 2026 සැප්තැම්බර් 04

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මේ අතර, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුවම ඉහළින් පවතී. ඒ අනුව අද (04) දහවල් 12.09ට නිට්ටඹුව, අල්ගම, මල්වාන, අරණායක, මීගහකිවුල සහ පානම්කාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව දැනුම් දී තිබේ.

ලංකාවත් ඩුබායි වගේ වෙයිද? මන්නාරමෙන් මතුවුණු තෙල් හා ගෑස් නිධි වලින් ලංකාවේම ණය ගෙවන්න පුළුවන් - ආසියාවේ සංවර්ධිතම රටක් වෙන්න අවස්ථාවක්

ලංකාවත් ඩුබායි වගේ වෙයිද? මන්නාරමෙන් මතුවුණු තෙල් හා ගෑස් නිධි වලින් ලංකාවේම ණය ගෙවන්න පුළුවන් - ආසියාවේ සංවර්ධිතම රටක් වෙන්න අවස්ථාවක්