වැරදි කෙනාව මංකොල්ල කන්න ගිහින් සිද්ධ වුණ දෙයක්..

Sri Lanka Police STF Sri Lanka
By Piyumika Oct 28, 2024 03:48 AM GMT
Piyumika

Piyumika

Report

යතුරු පැදියකින් ගමන්කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු තිදෙනකුට අයත් රුපියල් ලක්ෂ විසි පහකට ආසන්න වටිනාකමින් යුත් රන් මාල තුනක්, රන්සුර දෙකක් කොල්ල කා පලා ගිය ගුවන් හමුදාවේ හිටපු සාමාන්‍ය සෙබළකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

නගර සභාවේ අනාගත සභාපතිවරයාලූ..එයාගේ දේවල් පරික්ෂා කරන්න අයිතියක් නෑ කියන්නේ..දැම්ම සද්දේ මෙහෙම නම් කොහොම තියෙයිද..

නගර සභාවේ අනාගත සභාපතිවරයාලූ..එයාගේ දේවල් පරික්ෂා කරන්න අයිතියක් නෑ කියන්නේ..දැම්ම සද්දේ මෙහෙම නම් කොහොම තියෙයිද..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ‘ගල්ඔලුවා“ නමැති පුද්ගලයකු බව පොලිසිය කියයි.

සැකකරු තවත් පුද්ගලයකු හා යතුරු පැදියකින් පැමිණ හෝමාගම හිරිපිටිය ප්‍රදේශය හරහා යතුරුපැදියක යමින් සිටි විශේෂ කාර්ය බලකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට පහර දී පවුම් තුනක් වටිනා ගෙල බැඳි රන්මාලයක් හා රන් සුර දෙකක් ඉකුත් 15 දා කොල්ල කා පලා ගොස් තිබුණි.

මොනවද කියන්නේ කියලා හැමෝම බලන් ඉන්න ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්ව...

මොනවද කියන්නේ කියලා හැමෝම බලන් ඉන්න ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්ව...

පසුව මේ සම්බන්ධයෙන් නුගේගොඩ 5 කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ල මහතා කොට්ටාව පොලිසියට අනුයුක්ත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට උපදෙස් ලබා දී තිබුණේ කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

බේකරි ජානා කොටු කර ගත් විශේෂ කාර්ය බළකායේ මහා මෙහෙයුම..

බේකරි ජානා කොටු කර ගත් විශේෂ කාර්ය බළකායේ මහා මෙහෙයුම..

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටි සැකකරු කොල්ලය සඳහා භාවිත කළ යතුරු පැදිය, එම අවස්ථාවේ හැඳ සිටි ඇඳුම සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම කොල්ලය සිදුකළ දිනයේදීම පිළියන්දල පොලිස් වසමේ පිංහේන හන්දියේ දී පවුම් 04 හා සිද්ධමුල්ල ප්‍රදේශයේ දී පවුමක රන් මාලයක් කොල්ල කා තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

ReeCha