නෑ නෑ නිකම්ම වුනේ..හිතල කරේ නෑ ...හතු කඩන්න ගිහින් කරලා තියන දෙයක්..

By Piyumika Dec 17, 2024 01:54 AM GMT
Report

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනේ දෙවියනේ මොන හිතකින් කිරිසප්පයාට මෙහෙම අපරාධයක් කලාද...

අනේ දෙවියනේ මොන හිතකින් කිරිසප්පයාට මෙහෙම අපරාධයක් කලාද...

පසුගිය 02 වැනිදා මහියංගනය පොලිස් වසමේ වදකහදෝව ප්‍රදේශයේ හේන් යායක් තුළ වයස අවුරුදු 44ක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස වෙඩි වැදී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහියංගන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මරණකරු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග බිම්මල් කැඩීමට ගොස් සිටින අතරතුරදී ඔවුන් අතර සිටි අයෙකු විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙම මරණය සිදුව තිබුණි.

මුදලට තරග පාවාදීමට කල බලපෑම් පිළිබද ප්‍රේම් මතීස් කටර්ගෙන් රහස් ප්‍රකාශයක්..

මුදලට තරග පාවාදීමට කල බලපෑම් පිළිබද ප්‍රේම් මතීස් කටර්ගෙන් රහස් ප්‍රකාශයක්..

පොලීසිය විසින් සිදුකළ විමර්ශයේදී මෙම මරණය ඝාතනයක් බවට අනාවරණය වී තිබුණි. ඒ අනුව සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (16) මහියංගනය පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 36, 44 හා 51 වයස් වල පසුවන 56 කණුව ගොඩපෝරුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may like this video