මියන්මාරයේ විපතට පත් ජනතාවට සහන සලසන්න මෙරට හමුදා කණ්ඩායම් තුනක්...
By Hashini
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැගත් පළමු විශේෂ ගුවන් යානය අද(05) මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතයි.
වෛද්‍ය කණ්ඩායමක්, ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම සහන කණ්ඩායමක් ඒ අතර වන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.
එසේම ත්‍රෛනීකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව විපතට පත් ජනතාව වෙනුවෙන් රැස් කල ආධාර තොගයද එම ගුවන් යානයෙන් රැගෙන යාමට නියමිත වනවා.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ අදාළ ගුවන් යානය අද(05) පෙරවරුවේ මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත බවයි.