වාලච්චේනයෙන් හමු වූ දෙය මෙන්න
වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් සොයාගත් බව වාලච්චේන පොලිසිය සදහන් කර තිබේ .
පොළොන්නරුව යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව අරලගංවිල විශේෂ කාර්ය බළකා නිළධාරීන් සමග එක්ව මෙම රොකට්විදන 03 සොයාගත් බව පොලිසිය සදහන් කරයි .
වාලච්චේන පොලිසිය සදහන් කළේ පාලත්චේනෙයි, කුඩුම්බිමලෙයි ප්‍රදේශයේ වල දමා තිබියදී කිසියම් පුද්ගලයකු විසින් ගොඩට ගෙන එම ප්‍රදේශයේම සඟවා තිබු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවයි. මෙලෙස අත්අඩංගුවට ගත් ඒවා භාවිතයට සුදුසු ස්වීඩනයේ නිෂ්පාදිත 84mm RCL M2 වර්ගයේ රොකට් විදිනයන් 03 ක් බවද පොලිසිය සදහන් කර තිබේ .