දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනයේ 3 වන දිනය අද

Report

ඓතිහාසික දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ 3 වන දිනය අදට යෙදී තිබේ . මෙම ප්‍රදර්ශනය ලබන 11 වනදා දක්වා පැවැත්වේ . ඒ වගේම දිනපතා පෙරවරු 6 සිට රාත්‍රී 7 දක්වා ඔබට ධාතුන් වහන්සේ වන්දනා කළ හැකියි.

78 වන නිදහස් දින සැමරුමට සමගාමිව මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

  තවද ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේ දී 60 දශකයේ සිදු කළ කැණීම්වලින් මෙම සර්වඥ ධාතුන් වහන්සේ සොයා ගෙන තිබුණි .

ක්‍රිස්තු වර්ෂ දෙවන සහ තුන්වන සියවස්වලට අයත් බුදු දහමට අයත් බොහෝ කෞතු වස්තු සමග ස්ථූපයක් සොයා ගැනුණා. එම ස්ථූපයෙන් සොයා ගත් ප්‍රධාන කෞතුක වස්තුව වන්නේ බ්‍රාහ්මී අක්ෂරවලින් සහ සංස්කෘත භාෂාවෙන් බුදුරජාණන්වහන්සේගේ ශරීර ධාතු බවට සඳහන් කර ඇති කරඬුවයි.

බුදුරාජාණන් වහන්සේගේ මෙම සර්වඥ ධාතුන් වහන්සේ ඉන්දියාවෙන් පිටතට වැඩම කර වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවැත්වු ප්‍රතිඵලයක් ලෙස  මෙම සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනිමේ දුර්ලබ අවස්ථාව මෙරට ජනතාවට උදා  වී තිබේ. 

ජනතාවගෙන් ඉල්ලීමක් - මේ පැතිවලට කාලගුණේ දරුණුයි

ජනතාවගෙන් ඉල්ලීමක් - මේ පැතිවලට කාලගුණේ දරුණුයි


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීම යටතේ මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරටට වැඩම කරවනු ලැබුවේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙනි ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ .