ඔයත් මේ ප්‍රදේශයේ කෙනෙක්ද?...හොදට බලන්න ඔයා ලග තියන මුදල් ඇත්තම ඒවාද කියලා..

Sri Lanka Police Sri Lanka Money
By Piyumika Oct 20, 2024 03:22 AM GMT
Piyumika

Piyumika

Report

ව්‍යාජ නෝට්ටු 10 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (18) අක්කරපත්තුව, පාලමුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අක්කරපත්තුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කණ්ඩායමක් මාර්ග බාධක රාජකාරි යෙදී සිටියදී මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කර නෝට්ටු සොයා ගෙන තිබෙනවා.

ක්‍රිකට් ලෝලීන් බලා සිටි ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග අද සිට..

ක්‍රිකට් ලෝලීන් බලා සිටි ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග අද සිට..

එම ව්‍යාජ නෝට්ටු අතර රුපියල් 5,000 නෝට්ටු 10 ක් මෝටර් රථයේ සිටි එක් සැකකරුවෙකු ළග තිබී ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ අදාළ සැකකරු හා එම මෝටර් රථයේ සිටි අනෙක් දෙදෙනා අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෝටර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුතෙන්ම ෆෝන් එකක් ගන්නද හිටියේ..මේ ෆෝන් එකේ කතාව ගැන ඔයා දැනගෙන හිටියද ..

අලුතෙන්ම ෆෝන් එකක් ගන්නද හිටියේ..මේ ෆෝන් එකේ කතාව ගැන ඔයා දැනගෙන හිටියද ..

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34,43 සහ 46 පසුවන කලවංචිකුඩි හා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.