අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනි තැබීම සිදුකළ පුද්ගලයන්ට සිදු වූ දේ..
විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (09) රාත්‍රීයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය - පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 19 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, කඩවත සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනක් සිටි අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලීසිය විසින් විමර්ශන සිදුකරයි.
එම සිදුවීමෙන් කෞතුක භාණ්ඩ සහ වටිනා පොත්පත් රාශියකින් සමන්විත එම නිවසේ තිබූ සියලු දෑ ගිනිගෙන විනාශ වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |