අවන්හලකින් MilkShake පානය කළ තිදෙනෙක් හදිසියේම මියයයි.
MilkShake පානය කිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු රෝහල්ගත කළ පුවතක් අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.
ඒ, එම MilkShake පානය තුළ ලිස්ටීරියා බැක්ටීරියාව අන්තර්ගත වීම හේතුවෙන්.
මේ අනුව පරීක්ෂකයින් විසින් Tacoma හි ජනප්‍රිය burgers සහ milkshakes අවන්හලක අයිස්ක්‍රීම් යන්ත්‍රවල තිබී ලිස්ටීරියා බැක්ටීරියා සොයාගෙන තිබෙනවා.
එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, බැක්ටීරියා අන්තර්ගත ආහාර අනුභව කිරීමෙන් පසු දින 70ක් දක්වා මිනිසුන්ට බලපෑම් ඇති විය හැකි බවයි.
අවන්හලේ අයිස්ක්‍රීම් යන්ත්‍ර නිවැරදිව පිරිසිදු නොකිරීම හේතුවෙන් ආහාර මගින් ලිස්ටීරියෝසිස් රෝගය එම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබෙනවා. .
රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම අමෙරිකානුවන් 1,600 ක් පමණ ලිස්ටීරියා ආසාදනය වන අතර 260 ක් පමණ ජිවිතක්ෂයට පත් වන බව සඳහන්.
එහි රෝග ලක්ෂණ වන්නේ, උණ, මාංශ පේශි කැක්කුම, ව්‍යාකූලත්වය ඇතිවිය හැකි අතර ගර්භනී අය සඳහා, ගැබ්ගැනීම් අහිමි වීම හෝ නොමේරූ දරු උපත් ඇතිවිය හැකියි.
