වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට
By Shehan
වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුර අද (ජුලි 6) දහවල් සිදුවූ බව වාකරේ පොලිසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු බවත්, ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
දියේ ගිලී මියගිය ළමුන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර, වාකරේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච්. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.