විදුලි උපකරණ සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 31, 2024 03:02 PM GMT
Report

අද (31) බේරුවල නගරයේ විදුලි උපකරණ වෙළඳසැළකින් රුපියල් ලක්ෂ 27 ක විදුලි උපකරණ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට අනුබල දුන් කාන්තාවකුත් එම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසනවා.

ඩුබායි රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට පොදු සමා කාලයක්...

ඩුබායි රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට පොදු සමා කාලයක්...


බේරුවල නගරයේ පිහිටි ප්‍රසිද්ධ විදුලි උපකරණ සමාගමකට අයත් ප්‍රදර්ශනාගාරයකට අලුයම් කාලයේ ඇතුළු වී තිබෙන සැකරුවන් රුපියල් ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගෙන සැඟව සිටිය දි ඊට අනුබල දුන් කාන්තාව ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරකම් කර තිබු ජංගම දුරකතන 18ක්, ලැප්ටොප් 2ක්, රූපවාහිනි යන්ත්‍ර 3 ක් ඇතුළු භාණ්ඩ එම සැකකරුවන් තිදෙනා සමඟ පොලිස් බාරයට ගෙන තිබෙනවා.

කඩුවෙල, හෝමාගම මාර්ගයේ ගමන් කරන ඔබට විශේෂ දැනුම්දීමක්...

කඩුවෙල, හෝමාගම මාර්ගයේ ගමන් කරන ඔබට විශේෂ දැනුම්දීමක්...


සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා මොරටුව පානදුර සහ කොළඹ ප්‍රදේශයේ අය බව පොලිසිය පවසනවා.