ඩුබායි රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට පොදු සමා කාලයක්...

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබෙනවා.

හෙට (01) සිට ඔක්තෝබර් මස 31 වනදා දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ ය.

මෙම පියවර ගෙන ඇති බව වාර්තා වන්නේ, එරට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ, රේගු හා වරාය ආරක්ෂණය සදහා වන අධිකාරිය විසිනි.

කඩුවෙල, හෝමාගම මාර්ගයේ ගමන් කරන ඔබට විශේෂ දැනුම්දීමක්...

කඩුවෙල, හෝමාගම මාර්ගයේ ගමන් කරන ඔබට විශේෂ දැනුම්දීමක්...

ඒ අනුව, සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට සහ වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට හෝ අදාළ විසා ඇතුලු ලියකියවිලි නීත්‍යානුකුලව සකසා ගැනිමට අවස්ථාව හිමිවන බව ද සඳහන් ය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දී ඇති පොදු සමා කාලය තුළදි වීසා නීත්‍යානුකුලව සකසා ගැනිමට හෝ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙස එරට නීතිවිරෝධී ලෙස රැදි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.