ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක්! - අනුර කියූ බව BBCය හෙළිකරයි!
ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇති බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය (BBC) විසින් පළ කළ විශේෂ වාර්තාවක සඳහන් වේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයේදී ජනාධිපතිවරයා මෙම අනාවරණය කළ බවත් එම වාර්තාවේ දැක්වේ. එම තර්ජන දෙක උතුරේ සන්නද්ධ කණ්ඩායම් කිහිපයකින් සහ මඩකලපුවේ සන්නද්ධ කණ්ඩායමකින් එල්ල වන බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මෙම තර්ජන පසුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බව ආරක්ෂක බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීමට වත්මන් නීති රීති ප්‍රමාණවත් නොවන්නේ නම්, නව නීති හඳුන්වා දීමට සිදුවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.