දැන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එන්නේ මෙහෙමයි

Report

පයාගල සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීමේ රාත්‍රී මෙහෙයුමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් ඊයේ (02) දින සවස 4.30 සිට රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව රාත්‍රී ආහාර පිළියෙල කරන ස්ථාන, හෝටල් මෙන්ම සිල්ලර වෙළඳසැල් මෙසේ පරීක්ෂාවට ලක් කර තිබුණා.

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

එමෙන්ම ආහාර පරිහරණ ආයතනවල හා සේවකයින්ගේ පිරිසිදුකමද මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණු අතර ලේබල් රෙගුලාසිවලට පටහැනිව ඇසුරුම් කළ ආහාර අලෙවි කිරීම, අසූචි තැවරුනු බිත්තර ආහාරවලට යොදා ගැනීම, පිසූ ආහාර සමඟ මස් හා මාළු එකම ශීතකරණයේ ගබඩා කිරීම ආදී වැරදි සිදුකළ වෙළඳසැල් හිමියන් 09 දෙනකුට විරුද්ධව මෙහිදී නඩු පැවරීමට පියවර ගෙන ඇත.

අඳාළ වැටලීමට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඩී.සී.රෝහණ ,පයාගල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ ,අළුත්ගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමිල් එරන්දන සහ කළුතර 02 පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුෂ්ක විරාජ් යන මහත්වරුන් ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 22 දෙනෙකු ද සහභාගී වූ බව සඳහන්.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්