ලබන ජනවාරියේ සිට භාණ්ඩ තිහකට හිමිවන නිදහස...

Report

 මුදල් අමාත්‍යාංශය ජනවාරි මාසයේ සිට භාණ්ඩ වර්ග තිහක් වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද උපකරණ හා නිෂ්පාදන, කෘෂිකාර්මික ට්‍රැක්ටර්, පොහොර, බීජ හා පැළ වර්ග, ඉස්සන් ගොවිපළ භාවිත කරන ආහාර වර්ග, සත්ත්ව ආහාර, කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර, රෙදිපිළි කර්මාන්තයේ භාවිත කරන නූල්, අත්යන්ත්‍ර කර්මාන්තයේ භාවිත කරන ඩයි වර්ග ඇතුළු භාණ්ඩ තිහක් මේ ආකාරයට වැට් බද්දෙන් නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට භාණ්ඩ වර්ග 170කට අයකරන වැට් බද්ද 15%කි.

ලබන වසරේ ආණ්ඩුව තීරණය කර ඇත්තේ වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමටයි.

ලබන ජනවාරියේ සිට භාණ්ඩ තිහකට හිමිවන නිදහස... | Thirty Items Are Exempt From Vat

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට හා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරන්නේ විදුලි බිලට වැට් බදු අය නොකරන බවයි.

ඉන්ධන, සෞඛ්‍යය ඇතුළු භාණ්ඩ වර්ග රැසකට ජනවාරි මාසයේ සිට වැට් බදු අය කරන බව සමඟි ජන බල​වේගයේ මන්ත්‍රි හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍ර්‍රකාශ කළ අතර ඉන්ධන සඳහා වැට් බදු ය කිරීමට තීරණය කර නොමැති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ. 

පිහිනුම් තටාකයකට වැටී දැරියක් මියයයි.

පිහිනුම් තටාකයකට වැටී දැරියක් මියයයි.

.........................