පිහිනුම් තටාකයකට වැටී දැරියක් මියයයි.

By Hashini Nov 18, 2023 06:07 AM GMT
Report

 සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6 ක දැරියක් මියගොස් තිබෙනවා.

බදුරලිය පොලීසිය සඳහන් කළේ වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී දනේෂි අරුද්‍යා නමැති දැරිය මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

දැරිය දෙමව්පියන් සමඟ , බදුරලිය, ඉලුක්පොත හෝටලයක විවේකයක් ගතකිරීම සඳහා ඊයේ (17) පැමිණ තිබෙනවා.

එහිදී දැරිය නාන තටාකයේ ගිලී ඇති අතර, කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පිහිනුම් තටාකයකට වැටී දැරියක් මියයයි. | A Girl Falls Into The Swimming Pool And Dies

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලීසිය පරීක්ෂණ පවත්වයි. 

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගෝලීය සලකුණෙන් පිදුම් ලැබූ Sarrita Jewellery.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගෝලීය සලකුණෙන් පිදුම් ලැබූ Sarrita Jewellery.

.........................