තව අවුරුදු තුන හතරකටවත් ඡන්දයක් නෑ ඡන්දෙ නොදැම්මොත් දඩ

Election Commission of Sri Lanka Government Of Sri Lanka Law and Order Election Sinhala news
By Mithu Jul 21, 2025 03:12 AM GMT
Mithu

Mithu

Report

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන ආකාරයට ඉදිරියට තව අවුරුදු තුන හතරකටවත් රටේ ඡන්දයක් පවත්වන්නේ නැත.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

කුරුණෑගල ප්‍රදේශයේ පැවති හමුවකදී අදහස් දැක්වූ එතුමා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණයකදී රටේ ලියාපදිංචි ජන්දදායකයන්ට ජන්දය භාවිත කිරීම අනිවාර්ය කරමින් ඡන්දය භාවිත නොකරන්නන්ට එරෙහිව දඩයක් නියම කිරීමට ඉදිරියට සැලසුම් කර ඇති බවයි.

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

මැතිවරණ කොමිෂන් සභාවේ 2026 - 2029 කාලය සඳහා උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ශ්ව කණ්ඩායම් සමග දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පැැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙරට සෑම මැතිවරණයක් සඳහාම ඉතා විශාල මුදලක් වැය කිරීම නිසා මැතිවරණයකින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට මෙය සිදුකරන බව ඔහු සඳහන් කළේය. ඉදිරියේදී මැතිවරණ සඳහා තැම්පත් කරන ඇප මුදල් ඉහළ දැමීමටද බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය. මෙහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

"අපේ දෙපාර්තමේන්තුවේ දැක්ම, සිහිනය තමයි මේ රටේ සර්වජන ජන්ද බලය සුරැකීම. ඒ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් මේ තියෙන කාලය ප්‍රයෝජනයට අරගෙන ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලැස්මක් සකස් කළ යුතුයි. අප මේ විදිහට ඔබ හමුවෙලා කරන්නේ ඊට අවශ්‍ය අදහස් ලබා ගැනීමයි. ‍‍ අපිට මේ රටේ ඉදිරි මැතිවරණ සඳහා නව නීති රීති සකස් කිරීම අවශ්‍යයි.

මේ සඳහා මැතිවරණ කොමිසම විදිහට අපි වැඩි බරක් දරනවා. ඒ අනුව මැතිවරණ නීති සකස් කිරීමට සහ වෙනස් කිරීමට තියෙන හොඳම කාලය තමයි මේක. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක පැහැදිලි බලයක් තියෙනවා.

පොලිස් නිලධාරීන්ගේ පඩි වැඩිවේ මෙන්න විස්තරේ

පොලිස් නිලධාරීන්ගේ පඩි වැඩිවේ මෙන්න විස්තරේ

ඒ නිසා මේ නීති සම්මත කර ගැනීම පහසුයි. මැතිවරණයක් යනු සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රියාවලියක්. මේ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතුයි. නීතියක් නැතිව මැතිවරණයක් පවත්වන්න බැහැ. අපි මේවනවිට රජයට යෝජනා 42 ක් භාර දීලා තියෙනවා. ඒ සියල්ලම නීතිමය කරුණු."

යනුවෙන් ඔහු අදහස් ප්‍රකාශ කර තිබුණි.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

ReeCha