පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමක් නැහැ – නියෝජ්‍ය ඇමති!
පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමක් සිදු නොවන බවත්, එය දැනටත් ක්‍රියාත්මක වන බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
ඔහු සදහන් කළේ, 2019 ජනවාරි 1 සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ බලපත්‍රලාභී බැංකු මගින් පරාටේ නීතිය යටතේ 2263 අවස්ථාවලදී රුපියල් බිලියන 113.7ක ණය ආපසු ලබාගැනීම සිදු කර ඇති බවය.
අමතරව, 2024 දෙසැම්බර් 31 වන විට බැංකු අංශයේ මුළු අක්‍රීය ණය ප්‍රමාණය අවස්ථා 3ක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, එම මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1380ක් වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.