දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්...

Galle Kalutara Kandy Kegalle Sinhala news
By Ashfa May 27, 2025 01:22 PM GMT
Ashfa

Ashfa

Report

දැනට පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාම් අවදානම් පිළිබඳව නිකුත් කළ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ මෙම අනතුරු ඇඟවීම් හෙට (මැයි 28) පෙරවරු 10 දක්වා වලංගු බවයි. අදාළ ප්‍රදේශ වන්නේ:

ගාල්ල දිස්ත්‍රික්කය – ඇල්පිටිය

කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර

සියල්ල අවසන් කර මාලනිය වෙනුවෙන් සමනලී තැබූ සටහන

සියල්ල අවසන් කර මාලනිය වෙනුවෙන් සමනලී තැබූ සටහන

මහනුවර දිස්ත්‍රික්කය – ගඟ ඉහළ කෝරළය, පස්බාගෙ කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්තොට, අරනායක

මෙම ප්‍රදේශවල නායයාම් අවදානමක් පවතින බැවින් පදිංචිකරුවන් අවධානයෙන් සිටිමෙන් හා අවශ්‍ය අවධානම් පියවර ගන්නා ලෙසද බලධාරීන් ඉල්ලා සිටී.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අමතරව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලදී මධ්‍යමවලින් ස්වල්ප වර්ෂා ඇතිවිය හැකි අතර, නිරිතදිග මෝසම් තත්ත්වයේ බලපෑම නිසා ඉදිරි දිනවල තද වැසි තත්ත්වයේ ව්‍යාප්තිය වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටියි.

විශේෂ නිවේදනයක් ! මේ දෙන්නව දැක්කොත් කියන්න

විශේෂ නිවේදනයක් ! මේ දෙන්නව දැක්කොත් කියන්න

මධ්‍යම කඳුකරයේ බටහිර කලාපය, උතුරු, උතුරු-මැද පළාත්වල සහ හම්බන්තොට, පුත්තලම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද පැයට කිලෝමීටර් 40 – 50 පමණ වේගයෙන් තද සුළං ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු හා තාවකාලික සුළං තත්ත්වයන් හමුවේ ජීවිත හා දේපළවලට හානි අවම කිරීම සඳහා වැදගත් ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.         

ReeCha