මල් තුහින වැටෙනවා කිව්ව නුවරඑළියට අයිස් වැටෙයි...

By Piyumika Feb 12, 2025 02:31 AM GMT
Report

සෑම වසරකම දෙසැම්බර් හා ජනවාරි කාලය අතරතුර දේශගුණික වෙනස් වීමත් සමගින් නුවරඑළියට මල් තුහින පතිත වන නමුත් මෙවර වඩා ඝන ලෙස අයිස් පතිත වී ඇති බවක් දක්නට ලැබිණ.

ප්‍රබල කණ්ඩායමකට ජනාධිපතිගෙන් තර්ජනයක්...සිකුරාදා දහවල් 12.00 වන විට කී දේ වුනේ නැත්තම් දැඩි තීරණයක්..

ප්‍රබල කණ්ඩායමකට ජනාධිපතිගෙන් තර්ජනයක්...සිකුරාදා දහවල් 12.00 වන විට කී දේ වුනේ නැත්තම් දැඩි තීරණයක්..

නුවරඑළිය නගර සීමාවේ ඇතැම් ස්ථානවලට සහ කඳපොළ ප්‍රදේශයේ මෙම තත්ත්වය දකින්නට ලැබුණු අතර පෙර වසර පරිදි පතිත වන මල් තුහින අතින් ඇල්ලූ විට ජලය බවට පත්වේ.

නමුත් මෙවර පතිත වී තිබෙන අයිස් එකතුකර අත මතද විනාඩි කිහිපයක් තබා ගැනීමට හැකි බව ජනතාව පවසයි. මෙම තත්ත්වය මත නුවරඑළිය ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 7-4 යන අගයක දක්නට ලැබිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත්ම වෙනස..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත්ම වෙනස..

උදෑසන 8.30 පහුවෙන තෙක් අධික සීතලක් දක්නට ලැබුණු අතර දහවල් කාලය ඉතාමත් අධික රස්නයක්ද දක්නට ලැබීම විශේෂත්වයකි.

You may like this video