චීනයේ Nezha 2 ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළටම...

China World Latest Headlines Box office
By Piyumika Feb 19, 2025 06:46 AM GMT
Piyumika

Piyumika

Report

චීනයේ Nezha 2 චිත්‍රපටය, ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ චිත්‍රපටය ලෙස වාර්තා තබා තිබෙනවා.

මෙම චිත්‍රපටය මේවන විට ඩිස්නි සමාගමේ “Inside Out 2” චිත්‍රපටය ද අභිබවා ලොව වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත් ව තිබෙනවා

ආහාරපාන වල මිල ගණන් හිටි හැටියේ ඉහළ දමන සමාගම් ගැන සොයයි...

ආහාරපාන වල මිල ගණන් හිටි හැටියේ ඉහළ දමන සමාගම් ගැන සොයයි...

පසුගිය මස 29 වනදාට යෙදුණු චීන අලු‍ත් අවුරුදු දිනයේ තිරගත වීම ආරම්භ කෙරුණු මෙම චිත්‍රපටය තිරගතවීම ආරම්භ වී දිනකට ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ඉහළම චිත්‍රපට දහය අතරට පැමිණියා.

ඉන් දින 20කට පසුව ප්‍රවේශ පත්‍ර වේදිකාවක් වන මඔයාන් දත්තවලට අනුව, ඊයේ සවස් කාලය වන විට මෙම චිත්‍රපටය ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව ඇමරිකානු ඩොලර් බිලියන 1.72ක පමණ ආදායමක් ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

NPP පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට...

NPP පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට...

චීනය තුළ, තනි වෙළඳපොළකින් ඇ.ඩො බිලියන 1ක් උපායගත් පළමු අවස්ථාව සහ ඩොලර් බිලියනක ආදායමක් ඉපැයූ පළමු හොලිවුඩ් නොවන සිනමා පටය මෙය වීමද ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසයි චීන වාර්තා පවසන්නේ

You may like this video

ReeCha