ආහාරපාන වල මිල ගණන් හිටි හැටියේ ඉහළ දමන සමාගම් ගැන සොයයි...

Consumers Welfare Association Sri Lanka Consumer Protection Junk Food Fast Food
By Piyumika Feb 19, 2025 06:00 AM GMT
Piyumika

Piyumika

Report

ආහාරපාන වල මිල ගණන් හිටි හැටියේ ඉහළ දමන ලෙස ඉල්ලා සිටින සමාගම්වල නීත්‍යානූකූලභාවය සම්බන්ධයෙන් සොයා බලන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, වර්තමානයේ භාණ්ඩ මිල අඩු විය යුතු බවත් හිතුමතේ එය කිසිවෙකුට වැඩි කළ නොහැකි බවයි.

තැන් දෙකක බිහිසුණු ඝාතන දෙකක්...

තැන් දෙකක බිහිසුණු ඝාතන දෙකක්...

මේ අතර, මෙවර අයවැයෙන් ආපනශාලා හා අවන්හල් සඳහා සහන සපයා නොමැති බව පවසමින් ප්ලෙන්ටි, කිරි තේ ඇතුළු ආහාරපාන වර්ග කිහිපයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවූ බව සමස්ත ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සදහන් කළා.

එමෙන්ම තිරිඟු‍ පිටි මිල රුපියල් 10කින් අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කළා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තත්ත්වය බරපතලයි.....

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තත්ත්වය බරපතලයි.....

මීට සමගාමීව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර ඇති බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන සදහන් කළේ.

You may like this video

ReeCha