පස්වරු 2.00 න් පස්සේ කාලගුණය වෙනස් වෙයි - කාලගුණෙන් විශේෂ නිවේදනයක්

Report

ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් අද පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

මීට අමතරව, සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

ආදායම් බදු අය කිරීමේ වෙනසක්? අමාත්‍යවරයාගගේ ප්‍රකාශය මෙන්න

ආදායම් බදු අය කිරීමේ වෙනසක්? අමාත්‍යවරයාගගේ ප්‍රකාශය මෙන්න