තවත් රාජ්‍ය සේවකයින් පිරිසක් තීරණයක් ගනී - හෙටයි අනිද්දයි කරන්න යන්නේ මෙන්න මේකයි..

SL Protest Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Jun 26, 2024 11:46 AM GMT
krishani

krishani

Report

හෙට (27) සහ අනිද්දා සියලු සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

තවත් රාජ්‍ය සේවකයින් පිරිසක් තීරණයක් ගනී - හෙටයි අනිද්දයි කරන්න යන්නේ මෙන්න මේකයි.. | The Village Officials Union Alliance Is On Strike

මේ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ ය.

ඒ  කොළඹ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.

මේ අතර, හෙට (27) දිනයේ ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ය.

ඒ කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේ දී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් ය.