හම්බන්තොට වරායට ආ වාහන නැව

By Hashini Apr 29, 2025 05:20 AM GMT
Report

ආනයන සිමා ඉවත් කිරීමෙන් පසු භාවිත කල වාහන රැගත් පළමු නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා.

ආනයන සිමා ඉවත් කිරීමෙන් පසු වරායට සෙවන් සිල්ස් නෞකාවකින් පැමිණි පළමු නැව්ගත කිරීම මෙය බවයි වාර්තා වන්නේ.

භාවිත කල වාහන 1560ක ප්‍රමාණයක් මෙහිදී ආනයනය කර ඇති අතර Toyota Land Cruiser, Prado, BMW, Mercedes - Benz , Toyota Raize , Honda Vezel , Daihatsu , Suzuki සහ Suzuki Wagon R යන මාදිලිවල වාහන මේ අතරට අයත්.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහයේ (HIPG) වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරි ලාන්ස් සුඕ පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයෙන් පසු සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි. 

බෙලිඅත්තේ බස් අනතුරක් - 30ක් රෝහලේ

බෙලිඅත්තේ බස් අනතුරක් - 30ක් රෝහලේ