අද තරගයේ වාසනාව උගන්ඩාවට..

Report

 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවැත්වෙන පස්වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට උගන්ඩා කණ්ඩායම සමත් විය.

ඔබත් මේ ලග්න වල නම් අද ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..

ඔබත් මේ ලග්න වල නම් අද ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..

එම තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් උගන්ඩාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

මේ අතර,  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා තරගයේ ජය හිමි කරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 6කින් ය.

මෙහිදී කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙනු ලැබීය.

මේ පුද්ගලයින්ට ගුවන් ගමන් බලපත්‍රය නිකුත් නොකරන බවට දැනුම්දීමක්..

මේ පුද්ගලයින්ට ගුවන් ගමන් බලපත්‍රය නිකුත් නොකරන බවට දැනුම්දීමක්..


ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා සියලු ක්‍රීඩකයින් ලකුණු 77 කට දැවී ගිය අතර කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකියාවක් නොලැබුණේ ය.

කුසල් මෙන්ඩිස් පන්දු 30කට මුහුණදෙමින් ලකුණු 19ක් රැස් කළේ ය.

එමෙන්ම, ඇන්ජලෝ මැතිව්ස් රැස්කළේ ලකුණු 16ක් පමණක් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරගයක දී පළමු පන්දුවාර 10යට ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙහිදී ලබා ගැනීම විශේෂත්වයක් වේ.

පන්දු යැවීමේ දී Anrich Nortje ලකුණු 7කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක දී කඩුලු 4ක් පමණක් දැවී තරගය ජය ගනු ලැබීය.