දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම නිධන් ගැනිල්ලක්..

Report

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව මන්දාරම් නුවර පොලිසිය පවසයි.

රූගත කිරීම්වලට සහබාගි වෙමින් සිටි සුපිරි නළුවාට හදිසියේම මොකද උනේ..

රූගත කිරීම්වලට සහබාගි වෙමින් සිටි සුපිරි නළුවාට හදිසියේම මොකද උනේ..

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලායාමේදී ඔහු පසුපස දිව ගිය සැරයන්වරයකු ලිස්සා වැටීමේදී ඔහු සන්තකයේ තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී සැකකරුට උණ්ඩයක් වැදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ සැකකරු මන්දාරම් නුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණයි ..මොකක්ද මේ අලුත් රජය අරන් තියන තීරණය ..

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණයි ..මොකක්ද මේ අලුත් රජය අරන් තියන තීරණය ..

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරස්සන, කැකිරාව, මාතලේ සහ මැණික් ඉන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. සැකකරුවන් නිදන් හැරීම සඳහා පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථ දෙකක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

එක් සැකකරුවෙකුට වෙඩි වැදීම හේතුවෙන් එම ගිනි අවිය භාරව සිටි සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

වෙන්ඩ බෑණා මාමණ්ඩිට කරපු හදියක් ..

වෙන්ඩ බෑණා මාමණ්ඩිට කරපු හදියක් ..

එමෙන්ම  පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජුසාවක් , පිත්තල පැහැති වටිනා දුර්ලභ ගනයේ කුඩා ඇත් රූප 3ක්, පූජා භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි .

ලෝකය ළමයින්ටයි...... ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු.... ජනපති කියයි..

ලෝකය ළමයින්ටයි...... ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු.... ජනපති කියයි..

පස්සර පොලිසිය සහ පස්සර ආගරතැන්න පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්වී ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර ඒ වනවිටත් සැකකාර පියපුතු දෙපළ පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි බවද පොලිසිය සදහන් කළේය .

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75, 26 වයසේ පසුවෙන පියපුතු දෙපලක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .