රියදුරු නැතිව පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයකින් කිලෝමීටර් 70ක් ගිය දුම්රිය. - (VIDEO)
By Wayomi
සිදුවන්නට ගිය බිහිසුණු දුම්රිය අනතුරක් වැළකුණු පුවතක් වාර්තා වෙනවා.
ඒ, ඉන්දියාවෙන්.
රියදුරු නොමැතිව ඉන්දියාවේ පන්ජාබ් සිට ජම්මු කාශ්මීරය දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ධාවනය වී තිබෙනවා.
එම දුම්රිය Unchi Bassi නමැති ග්‍රාමීය දුම්රිය ස්ථානය ආසන්නයේ නවතා එහි රියදුරු ඉන් බැස ඇති අතර ඔහුට එම අවස්ථාවේ තිරිංග යෙදීමට අමතකව වී ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය නැවැත්වූ ස්ථානය බෑවුමක් සහිත ස්ථානයක් වීම නිසා රියදුරු නොමැතිව දුම්රිය ඉදිරියට ගමන්කර ක්‍රමයෙන් වේගය වැඩිවී ඇති අතර අනතුරුව එය පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයකින් ගමන්කර ඇත.
නමුත් අනතුරුව කිලෝමීටර් 70ක් පමණ දුරක් ධාවනය වූ දුම්රිය නවතා ගැනීමට බලධාරීන් සමත්ව තිබෙනවා.