කැරබියන් දූපත් වලට ත්‍රස්ත තර්ජන.. - T20 තරගාවලිය අනතුරේ.
9 වන T20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජුනි මස පළවෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එය ආරම්භ වීමට පෙර කැරබියෙන් දූපත් කිහිපයකට ත්‍රස්ත තර්ජන එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
මෙවර ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතයි.
අයි.එස් ගැති මාධ්‍ය මූලාශ්‍ර විසින් ප්‍රචණ්ඩත්වය උසිගන්වන ව්‍යාපාරයක් දියත් කරමින් ක්‍රීඩා ඉසව් වලට එරෙහි කටයුතු කරමින් සිටින බවත් එයට ඇෆ්ඝනිස්තාන්- පකිස්ථාන් ශාඛාවන්හි වීඩියෝ පණිවිඩද ඇතුලත් කර ඇති බවට ආරක්ෂක අනතුරු ඇඟවීම් වල සඳහන්.
කෙසේ වෙතත් ත්‍රස්ත බිය දුරු කිරීමට පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන අතර එරට අගමැති කිත් රොව්ල් විසින් ට්‍රිනිඩෑඩ් ඩේලි එක්ස්ප්‍රස් වාර්තාවක් උපුටා දක්වමින් කියා සිටිනුයේ මෙලෙස එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමට එරට ආරක්ෂක ඒජන්සිය කටයුතු කරන බවත්ය.
...................................................................................
May you Like
