ලංකාවේ කොපියම ද?.. ඒ ගමන තාප්පවල චිත්‍ර අඳින්න පටන් ගෙන.. (PHOTOS)
ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධන වේගයක් තම නම ඉදිරියෙන් සනිටුහන් කරන්නට බංග්ලාදේශය සමත්ව සිටි බැවින් බංග්ලාදේශය ගැන බොහෝ දෙනා කතා කරන්නට විය.
නමුත් මේ වන විට බංග්ලාදේශයෙන් ඕනාවටත් වඩා පුවත් සොයාගැනීමේ අවස්ථාව ලැබී ඇත.
ඒ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාට තම ධුරයෙන් ඉවත්වීමට පමණක් නොව, රටින්ද පලායාමට සිදු වූ නිසාවෙන් ය.
පසුගිය වසර 20 තුළ ඇයගේ පාලනය යටතේ මිලියන 25කට අධික ජනතාවක් දුප්පත්කමින් මුදාගෙන ඇති බව ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, දශකයක කාලයක් තුළ එරට ඒකපුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිවන්නට ද වූ බව ලෝක බැංකුව පැවසීය.
ඒ කොහොම වුණත් මේ වන විට බංග්ලාදේශයේ තත්ත්වය ගැන ඔබට අමුතුවෙන් පැවසීම අවශ්‍ය නොවේ.
මන් ද, එරට මේ වන විට පවතින අරගලයන් නිසාවෙන් ය.
කෙසේ වෙතත්, මේ වන විට එරට ජනතාව වීදි බැස තාප්පවල සිතුවම් නිර්මාණය කරන ආකාරය සමාජ මාධ්‍ය තුළ දැඩිව කතා කරන්නට වුණා.
ඒ ඡායාරූප කිහිපයක් පහතින් දැක් වේ,