දෙමටගොඩ දුම්රිය සේවක වර්ජනය අවසන් ..

By Piyumika Aug 06, 2024 07:34 AM GMT
Report

අතුරුදන් සේවකයෙකු සෙවීමට බලධාරීන් ප්‍රමාණවත් පරිදි මැදිහත් නොවන බවට චෝදනා කරමින් දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් ආරම්භ කළ වර්ජනය මේ වන විට අත්හිටුවා තිබේ .

ඒ අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

අදාළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය. නියෝජ්‍ය දුම්රිය සාමන්‍යාධිකාරි එන්. ජේ. ඉඳිපොළගේ පැවසුවේ, වර්ජනයේ නිරතව සිටි සේවකයින් අදාළ සාකච්ඡාවෙන් පසුව යළි රාජකාරි ආරම්භ කළ බවයි.

ඒ අනුව ධාවනය ප්‍රමාද වූ උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ දුන්හිඳ ඔඩිසි යන දුම්රිය යළි ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇත.