කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි...ජනතාව අවදානමෙන් (VIDEO)
තද සුළ ඇතුළු දැඩි කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ කොළඹ මාර්ග කිහිපයක් අවහිර වී තිබේ. දැඩි සුළං හමුවේ ගස් කඩා වැටීම් හේතුවෙන් මෙම මාර්ග අවහිර වී ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 50-60) ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 30-40) ක් පමණ විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. උතුරු - මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි. මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බංගලාදේශයට ඇතුළු වූ බව සඳහන් කල කුණාටු තත්ත්වය මේවන විට ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවයි පැවසෙන්නේ.
