ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් නායකයත් නම් කෙරේ.
By Wayomi
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කර තිබෙනවා.
එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (3) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි.