වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා ඇල්ලූ මෙහෙයුම..

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Doctors
By Piyumika Oct 13, 2024 09:03 AM GMT
Piyumika

Piyumika

Report

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය පවසයි.

අභාවප්‍රාප්ත ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහි නඩුවක් යළි කරළියට ..

අභාවප්‍රාප්ත ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහි නඩුවක් යළි කරළියට ..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්ත 35 හැවිරිදි යුද හමුදා සෙබළකු බව පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකා පලා යන බවට වැලිඔය පොලිසියට ලද තොරතුරක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ වැලිඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා යතුරුපැදි කණ්ඩායම් හතරක් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට යොදවා තිබුණි.

එකින් එක එලියට එන සැගවූ සුකෝපබෝගී ප්‍රභූ වාහන..(PHOTOS)

එකින් එක එලියට එන සැගවූ සුකෝපබෝගී ප්‍රභූ වාහන..(PHOTOS)

අනතුරුව පොලිස් යතුරුපැදි කණ්ඩායම කිලෝමීටර 15 ක් පමණ දුරට ගොස් සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරු මාර්ග බාධකයක් තුළදී පරීක්ෂා කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.