තත්ත්වය භයානකයි - ඩෙංගු අධි අවදානම් තත්ත්වයකට

Report

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පවසන්නේ මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි වසංගත තත්ත්වයට ළඟාවී තිබෙන බවයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විශේෂඥ වෛද්‍යවරයා ඒ බව අවධාරණය කරමින් කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ යටිනුවර සහ මහනුවර මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් බවයි.

තැපැල් වර්ජනය අදත්

තැපැල් වර්ජනය අදත්

 

විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ සතියකට ඩෙංගු රෝගීන් 100 ක් වාර්තා වන්නේ නම් එය අධි වසංගත තත්ත්වයක පවතින බව අවධාරණය කළ අතර, මේ වන විට එම සංඛ්‍යාව ඉක්මවමින් ඩෙංගු රෝගීන් වාර්තා වෙමින් තිබෙන බවද පවසනවා.

මැයි මාසයේ මේ වන විට ඩෙංගු රෝගීන් 340 ක් වාර්තා වී ඇති බවත් පසුගිය සතියේ පමණක් ඩෙංගු රෝගීන් 116 දෙනෙකු වාර්තා වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළා.

මෙම තත්ත්වය මත මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

නිර්ධා වගේ මාලනියගේ දේහය ළඟ ෆොටෝ ගහපු පුබුදු මාෂී..video එලියට??

නිර්ධා වගේ මාලනියගේ දේහය ළඟ ෆොටෝ ගහපු පුබුදු මාෂී..video එලියට??