මෙරට ක්‍රිකට් ගැන ඇහෙන අලුත්ම ආරංචිය - නව නායකයින් තිදෙනෙක් පත් කරයි.. ඒ කවුද දන්නවා ද?.

Report

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මෙරට ක්‍රිකට් ගැන ඇහෙන අලුත්ම ආරංචිය - නව නායකයින් තිදෙනෙක් පත් කරයි.. ඒ කවුද දන්නවා ද?. | The Selection Committee Chooses Three New Leaders

ඒ ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමටයි.

ඒ අනුව වාර්තා වන්නේ, ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබා දීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇති බවත් එහි උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

එමෙන්ම, වාර්තා වන්නේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට සහ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට තීරණය කර ඇති බවයි.

නව තේරීම් කමිටුවේ තීරණයට අනුව විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගට හිමිවන අතර එහි උප නායකත්වය ද චරිත් අසංලක හොබවනු ඇති බව සඳහන් වේ.

මෙරට ක්‍රිකට් ගැන ඇහෙන අලුත්ම ආරංචිය - නව නායකයින් තිදෙනෙක් පත් කරයි.. ඒ කවුද දන්නවා ද?. | The Selection Committee Chooses Three New Leaders

වනිඳු හසරංග මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායකත්වය දැරීය.

එහිදී ශූරතාව තම කණ්ඩායමට ගෙනඒමට සමත් වූ අතර එල්.පී.එල්. අවසන් පූර්ව වටයේ තරගයේ දී වනිදු ආබාධයකට ලක් විය.

ඒ හේතුවෙන් ඔහුට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මඟ හැරිණ.

මේ අතර, උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ලබන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නායකත්වය ඇතුළු වෙනස්කම් රැසක් ගැන තීරණයක්?. (PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නායකත්වය ඇතුළු වෙනස්කම් රැසක් ගැන තීරණයක්?. (PHOTOS)


කෙසේ වෙතත්, එහිදී ජනවාරි මස ආරම්භ වන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර නායකත්වය පිළිබඳවත් අවසන් තීරණය එදිනට ගනු ඇත.