බ්‍රිතාන්‍යයට එන පාර වැසේ

By Hashini May 18, 2025 04:05 AM GMT
Report

පසුගියදා පැවති බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයේදී පාලක කම්කරු රජය අන්ත පරාජයකට පත්වීමත් සමගම කලබලයට පත්වූ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් විදේශිකයන්ට බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූල ලෙස ආගමනය වීමට ඇති ඉඩකඩ සීමා කර තිබෙනවා.

එයට ප්‍රධානම හේතුව වූයේ බ්‍රිතාන්‍යයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට කැපවී ඇති අලුත්ම දේශපාලන පක්ෂය වන නයිජල් ෆරාජ්ගේ නායකත්වයෙන් යුත් “රිෆෝර්ම්” දේශපාලන පක්ෂය, බ්‍රිතාන්‍යයේ මුල් බැස ගෙන තිබෙන කම්කරු පක්ෂය, කොන්සර්වේටිව් පක්ෂය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු සියලුම ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ පරදවා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමය.

බ්‍රිතාන්‍යය හඳුන්වාදීමට යන නවතම ආගමන නීතිරීතිවලට අනුව යම් විදේශිකයකුට බ්‍රිතාන්‍යයේ ස්ථීර පදිංචිය ලබා වසර පහකට පසු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගැනීමට තිබූ හැකියාව නතර කොට එය වසර දහයක් දක්වා දීර්ඝ කොට තිබෙනවා. එසේම පුරවැසිභාවය සඳහා අයැදුම් කරන්නා මෙන්ම ඔහුගෙන් හෝ ඇයගෙන් යැපෙන්නන්ගේද ඉංග්‍රීසි දැනුම උසස් මට්ටමක තිබිය යුතුවනවා.

ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණෙන අයගේ ද ඉංග්‍රීසි දැනුම හා අධ්‍යාපන සුදුසුකම් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුය.

ඉඩම් ආරවුලකින් කෙලවර වූ මරණය

ඉඩම් ආරවුලකින් කෙලවර වූ මරණය

ආගමන හා විගමන නිලධාරීන්ට බලය ලබා දී තිබෙන්නේ නිවාඩුවක් සඳහා පැමිණෙන අයෙකු වුවද තමන් ජීවත්වන රටේ නීතිය කඩ කොට වැරදිකරුවෙකු වී තිබුණහොත් වීසා අවලංගු කොට නැවත හරවා යැවීමටයි.

සාත්තු සේවක සේවිකාවන් ලෙස සේවය කිරීම සඳහා මින් මතුවට විදේශිකයන්ට වීසා බලපත් ලබාදීම අත් හිටුවා තිබේ. එය ශ්‍රී ලාංකිකයන්ට මරු පහරක් වනුයේ සාත්තු සේවක සේවිකාවන් වශයෙන් සේවය කිරීමට පසුගිය වසර කීපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් බ්‍රිතාන්‍යයට පැමිණි නිසාය.

තත්ත්වය මෙසේ වුවද මුහුද හරහා බෝට්ටුවලින් සහ යුරෝපයේ සිට බ්‍රිතාන්‍යයට ඇතුළුවන ලොරි ඇතුළේ සැඟවී හොරෙන් බ්‍රිතාන්‍යයට ඇතුළු වන්නන්ගේ සංඛ්‍යාවේ අඩුවක් වී නොමැති බවද දැකගත හැකිය. 

ඇමරිකාවට දරුණු සුළි කුණාටු තත්ත්වයක් ..25ක් මරුට

ඇමරිකාවට දරුණු සුළි කුණාටු තත්ත්වයක් ..25ක් මරුට