ඉඩම් ආරවුලකින් කෙලවර වූ මරණය
By Hashini
තලාතුඔය පොලිස් වසමේ පුද්ගල ඝාතයනක් සිදුව තිබෙනවා.
ඊයේ (17) මෙම අපරාධය සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ඝාතයන සිදු කර ඇත්තේ ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තවත් පුද්ගලයෙකු විසින් ගලකින් හිස ප්රදේශයට පහර දීමෙනි.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 75ක් වූ තලාතුඔය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු වයස අවුරුදු 42ක් පමණ වන පුද්ගලයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර තිබෙනවා.